තෙවන විශාලතම ආර්ථිකය හිමි රට ගැන පුරෝකථනයක්

තෙවන විශාලතම ආර්ථිකය හිමි රට ගැන පුරෝකථනයක්

ඉන්දියාව එරට තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති හමුවේ 2027 – 2028 කාලසීමාව වන විට ලොව තෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෙකු වන Arvind Panagariyaගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහු පවසන්නේ 6.5% වේගවත් ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන ඉන්දියාව එය ඉදිරි වසර කිහිපය ඇතුළත 7% ක් දක්වා වර්ධනය කර ගනු ඇති බවයි.

ඉන්දීය රජයේ සාර්ථ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ ගොස් ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

සාර්ථක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මෙන්ම යටිතල පහසුකම් රැසක් ගොඩනැගී තිබීම වර්තමානයේදී දැකිය හැකි බවත් රජයේ සැලසුම් ඉතාම විශ්වාසදායී බැවින් ඉන්දීය ආර්ථික ඉදිරි වසර කිහිපය ඇතුළත අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් ඔහු පුරෝකථනය කරනවා.

Share This