තේ අපනයනය ඉහළ නංවන්න සැලසුම්

තේ අපනයනය ඉහළ නංවන්න සැලසුම්

මෙරට ප්‍රධාන වැවිලි භෝග අතරින් තුන්වෙනි තැන තිබෙන තේ වගාවේ අපනයන ප්‍රමාණය කිලෝ ග්‍රැම් මිලියන 266 සිට කිලෝ ග්‍රැම් මිලියන 400 දක්වා ඉහල නැංවීම අරමුණ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඉඩම් කළමනාකරණය කරගෙන යම් කැපකිරීම් ප්‍රමාණයක් සිදු කලොත් එම ඉලක්කය වෙත යාම අපහසු නොවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙරට තේ වගාව ගුණාත්මකභාවයෙන් යුතු තේ වගාවක් ලෙස ප්‍රවර්ධනය කල යුතු බවත් ඒ සඳහා තේ වගාවට සම්බන්ධ සියළු පාර්ශවවල සහයෝගය අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළ අමාත්‍යවරයා තේ කර්මාන්තය ඉහලින්ම ඔසවා තැබීමට ජාතික වශයෙන් සැලැස්මක් අවශ්‍ය බවත් සඳහන් කළා.

තේ කර්මාන්තයට සම්බන්ධ සියළු පාර්ශ්ව ඒකරාශී කර ගනිමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

Share This