තොරතුරු ලබා නොදීම ගැන චීනයට එල්ලවන චෝදනා

තොරතුරු ලබා නොදීම ගැන චීනයට එල්ලවන චෝදනා

කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරකම් හේතුවෙන් චීන වැසියන් ගැටලුවලට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම මාධ්‍ය පැවසුවේ පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරන මාධ්‍ය හරහා වසර 10 ක් පුරා සිදු කරනු ලැබුවේ ජනාධිපති ෂී ජින්පින් වර්ණනා කිරීම බවට චෝදනා එල්ල වන බවයි.

ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ගිකව ගත් තීරණ හමුවේ වන්දි ගෙවමින් සිටින්නේ වැසියන් බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දී ඇත්තේ දැඩි කොරෝනා පාලන ප්‍රතිපත්තිය සහ එහි ප්‍රතිපලයක් ලෙස පශ්චාත් කොවිඩ් සමය තුළ චීන ආර්ථිකයට එල්ල වූ බලපෑමයි.

වර්ධනය වෙමින් පවතින රැකියා වියුක්තිය හමුවේ ප්‍රධාන වශයෙන් වින්දිතයින් වී සිටින්නේ එරට තරුණ ප්‍රජාව බවද සඳහන්.

ඇතැම් තොරතුරු මුදා හැරීම පාලනය කරන අතරේ චීනය තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය පිළිබඳ හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

Share This