දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ නම භාවිතා කරන වංචාකරුවන්ට අනතුරු ඇඟවීම්

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ නම භාවිතා කරන වංචාකරුවන්ට අනතුරු ඇඟවීම්

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ නම භාවිතා කරන වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ජනාධිපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙබ් අඩවි, දැන්වීම්, සමාජ මාධ්‍ය, විද්‍යුත් තැපෑල, ලිපි, හෝ තුන්වන පාර්ශ්වයක් මගින් කිසිදු මුදලක් ඉල්ලා හෝ කිසිදු ගෙවීමක් හෝ කොන්ත්‍රාත්තුවක් ජනාධිපතිවරයා විසින් ලබා දී නොමැති බවයි

ජනාධිපතිවරයා විසින් යවන ලදැයි කියන වංචා සහගත පණිවිඩ සංසරණය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙනවා

මෙම වංචාවල ස්වභාවය හෝ ඒවා කොපමණ කාලයක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න පිළිබඳව ජනාධිපති කාර්යාලය වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති අතර මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This