දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ ආරම්භක කථානායකවරිය ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ ආරම්භක කථානායකවරිය ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රථමවරට තේරී පත් වූ මෙන්ම ,පාර්ලිමේන්තුවේ ආරම්භක කථානායකවරිය බවට පත් වූ Frene Ginwalaට ගෞරව දැක්වීම සඳහා දකුණු අප්‍රිකානුවන් අඟහරුවාදා(17) සිට දින හතක ශෝක කාලයක් ආරම්භ කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Frene Ginwala මියයන විට 90 වැනි වියේ පසුවුණා

2023 ජනවාරි 24වන අඟහරුවාදා දිනයේ සවස දක්වා රට පුරා ජාතික ධජය අඩකුඹු කරන ලෙසට එරට ජනාධිපති සිරිල් රමපෝසා මහතා නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

1960 සහ 1970 ගණන් වලදී Ginwala මහත්මිය මොසැම්බික්හි පිටුවහල්ව ජීවත් වූ අතර එහිදී තහනම් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ (ANC) බොහෝ ප්‍රමුඛ සාමාජිකයින්ට විදේශගත වීමට උදව් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This