දකුණු අප්‍රිකානු හිටපු ජනපතිගේ සිරදඬුවම අත්හිටුවයි

දකුණු අප්‍රිකානු හිටපු ජනපතිගේ සිරදඬුවම අත්හිටුවයි

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා ට (Jacob Zuma) එරෙහිව පනවා තිබු මාස 15ක සිරදඬුවම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එරට අධිකරණ අමාත්‍ය රොනල්ඩ් ලමෝලා පැවසුවේ බන්ධනාගාරවල පවතින සීමිත ඉඩකඩ හේතුවෙන් පවතින තදබදය අවම කිරීම සඳහා ඔහුට එම සහනය ලබා දී ඇති බවයි.

එමෙන්ම වර්තමාන ජනාධිපති සිරිල් රාමපෝසා විසින් එය අනුමත කර ඇති අතර තවත් සිරකරුවන් 9,000 කට ද මෙලෙස සමාව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

හිටපු ජනපතිවරයා අධිකරණයට අපහස කිරීම හේතුවෙන් 2021 වසරේදී සිර දඬුවම් නියම කෙරුණා.

කෙසේ වෙතත් ඔහු සිරගත කිරීම හේතුවෙන් විරෝධතා සහ කෝලාහල ඇති වූ අතර එමඟින් 350 කට වැඩි පිරිසක් මිය ගිය බව සඳහන්

Share This