දකුණු අප්‍රිකානු හිටපු ජනපති පැළවත්තේ නායකයින් මුණගැසේ….

දකුණු අප්‍රිකානු හිටපු ජනපති පැළවත්තේ නායකයින් මුණගැසේ….

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා ඇතුළු පිරිස , ජාතික ජන බලවේගයේ නායකයින් අද (27) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මුණා ගැසුණා.

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයා අලූතින් පත්වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක්කළා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනරජය තුළ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා මෙහිදී පවසා තිබෙනවා.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා ආණ්ඩුව, දකුණු අප්‍රිකාව සමග ආර්ථික, දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික සමීප සබඳතා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙම හමුවේදී එකඟ වුණා.

මෙම අවස්ථාවට දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí මහතා, ඇතුලූ පිරිසක් සහභාගි විය. ජාතික ජන බලෙවේගය වෙනුවෙන් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන අය සහභාගි වුණා.

 

Share This