දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනු අමෙරිකාව පළමුව පන්දුවට පහර දීමටදකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් වුණා

එහිදී Quinton de Kock ලකුණු 74ක් වාර්තා කළා

අනතුරුව ලකුණු 195ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කිරීමට සමත් වුණේ ලකුණු 176ක් පමණයි.

ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයේ පළමු ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

 

 

 

Share This