දකුණු අප්‍රිකාවේ කොලරාව පැතිරීමෙන් 10ක් මරුට -37කට අසාධ්‍යයි

දකුණු අප්‍රිකාවේ කොලරාව පැතිරීමෙන් 10ක් මරුට -37කට අසාධ්‍යයි

දකුණු අප්‍රිකාවේ Gauteng පළාතේ කොලරාව පැතිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසනවා.

එමෙන්ම අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු පමණ කොලරා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන් රෝහල් වෙත ගොස් ඇති බවයි පැවසෙන්නේ

ඊයේ (21) සිදු කළ රසායනාගාර පරීක්ෂණ මගින් 19 දෙනෙකු කොලරා රෝගීන් බවට තහවුරු කරමින් Gauteng සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා

එමෙන්ම 37දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ .

මිය ගිය අය අතර තුන් හැවිරිදි දරුවෙකු සහ වැඩිහිටියන් නව දෙනෙකු සිටින අතර එරට සෞඛ්‍ය පිළිබඳ පළාත් ප්‍රධානී Nomantu Nkomo-Ralehoko පූර්වාරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසත් සනීපාරක්ෂාව පවත්වා ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා

Hammanskraal සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට කරාමවලින් ජලය පානය නොකරන ලෙස දැනුම් දී ඇති අතර, ජල ටැංකි සපයා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This