දකුණු අප්‍රිකාවේ වඳුරු උණ රෝගයෙන් දෙවන පුද්ගලයාත් මරුට

දකුණු අප්‍රිකාවේ වඳුරු උණ රෝගයෙන් දෙවන පුද්ගලයාත් මරුට

වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝගයෙන් දකුණු අප්‍රිකාවේ දෙවන පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ මන්කි පොක්ස් වෛරසයෙන් රටේ පළමු මරණය වාර්තා වී පැය 24 කට අඩු කාලයකදී දෙවන මරණයත් වාර්තා වූ බවයි.

මියගිය දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 යන වයස්වල පසුවූ පුද්ගලයන් බව සඳහන්.

මේ වසරේ රට තුළ වෛරසය වැළඳුනු පුද්ගලයන් හයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී තිබෙනවා.

වෛරසය වැළඳුනු අය පිරිමි පුද්ගලයන් වූ අතර වයස අවුරුදු 30 ත් 39 ත් අතර වයස්වල පසුවූ අය වනවා.

මේ පුද්ගලයන් විදෙස්ගත නොවූ අය වන අතර එයින් ඇඟවෙන්නේ රෝගය දකුණු අප්‍රිකාව තුළ දේශීයව සම්ප්‍රේෂණය වන බවයි.

වෛරසයේ මුල් රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම යන ලක්ෂණ හඳුනාගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) 2022 දී මන්කිපොක්ස් පැතිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා.

මෙම තත්ත්වය පසුගිය වසරේ අවසන් වුවද, සමහර රටවලින් තවමත් රෝගී වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

2022 වසරේ සිට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් මන්කි පොක්ස් වෛරසය වාර්තා වී තිබුණා.

1970 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පළමු වෛරස් අසාදිතයා වාර්තා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මන්කි පොක්ස් වෛරසය දකුණු අප්‍රිකාවට ආවේණික වූවක් බවයි.

Share This