දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් හේතුවෙන් 16ක් මරුට

දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් හේතුවෙන් 16ක් මරුට

දකුණු අප්‍රිකාවේ නයිට්‍රේට් ඔක්සයිඩ් වායු කාන්දුවක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසා තිබෙනවා

ජොහැන්නස්බර්ග් හි නැගෙනහිර Boksburg ප්‍රදේශයේ අවිධිමත් ජනාවාසයක මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නයිට්රේට් ඔක්සයිඩ් වායුව බොහෝ විට රන් පතල්කරුවන් විසින් භාවිතා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා

කිසිවෙකු රෝහල් ගත කර නොමැති බවද එරට හදිසි සේවා නිලධාරීන් බීබීසී පුවත් සේවයට සඳහන් කර තිබෙනවා

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් කටයුතු කරගෙන යන බැවින් තවත් සිරුරු සොයා ගැනීමට හැකි වෙනු ඇති බවද බලධාරීන් විශ්වාසය පළ කරනවා

 

Share This