දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබාගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ඉලක්කහ හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16 එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබාගත්තා.

Share This