දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට (VIDEO)

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට (VIDEO)

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ පාර්ලිමේන්තු සභා ගර්භයට විශාල ගින්නක් ඇතිවීමෙන් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙන්නේ මීට පෙරද  මෙම පුද්ගලයාට ගිනි තැබීම්, ගෙවල් බිඳීම් සහ සොරකම් කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර, අඟහරුවාදා මොහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයෝ පැය ගණනාවක් වෙහෙසුණු අතර නිලධාරීන් පැවසුවේ ගින්න තුන්වන මහලේ කාර්යාලවල ආරම්භ වී සභා ගර්භය වෙත පැතිර ගිය බවයි.

නිවාඩු දින හේතුවෙන් පාර්ලිමේන්තුව මේ වන විට නොපැවැත්වෙන බවයි පැවසෙන්නේ .

පැරණි රැස්වීම් ශාලාවට ඉහළින් ඇති වහලය “සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් ඇති” බවත් පැරණි කුටිය තුළ සිදු වූ හානිය තවමත් තක්සේරු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This