
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩක – ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිවරයාගේ ඇගයීමට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩකයින් ගුවන් හමුදාපතිවරයා ඇගයීමට ලක් කර තිබෙනවා.
4 වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 ඔක්තෝබර් 24 සිට ඉන්දියාවේ රංචි නුවර දී පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ගුවන් හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අද(03) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මුණ ගැසුණා.
මෙම හමුවේදී තරඟාවලිය පුරා විශිෂ්ට ක්‍රීඩා කුසලතාව දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ගුවන් හමුදාපතිවරයා නව උසස්වීම් සහ ජයග්‍රහන සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමක් ද සිදු කර තිබෙනවා.
ක්‍රීඩා කුසලතාව මගින් ගුවන් හමුදාවේ අභිමානය පමණක් නොව ශ්‍රී ලංකාවට එක්කර දුන් ගෞරවය වෙනුවෙන් සිය සුභාසිංශණ පිරි නැමීමට ද එහි දී ගුවන් හමුදා පතිවරයා පියවර ගෙන තිබුණා.
මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහබාගි වී සිටියා.
ගුවන් හමුදා ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් එහිදී රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්, පදක්කම් 06 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වුණා.
එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 06 දෙනා සඳහා කෝප්‍රල් නිලයට උසස්වීම් ප්‍රධානය කිරීම හා මුදල් ත්‍යාග පිරිනැමීම ද තරඟයට සහභාගී වු අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම ද ගුවන් හමුදාපතිතුමා විසින් සිදුකළා.
මෙම සියලු ජයග්‍රහණ ලබා ගැනීමට පිටුපස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරුවන් හය දෙනාටද ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ ඇගයීමක් සිදු කරමින් මුදල් ත්‍යාග පිරිනැමුවා.
රන් පදක්කම් ලාභීන්
ආධුනික ගුවන්භට පී.ආර්. තරංග – හෙල්ල විසි කිරීම. (නව තරග වාර්තාව)
නායක ගුවන් කාන්තා කේ.එච්.ඒ.ඩි. කෞෂල්‍යා – මීටර් 400 කඩුලු පැනීම. (නව තරග වාර්තාව)
රිදී පදක්කම් ලාභීන්
නායක ගුවන්භට යූ.ඩී.වයි.ඩබ්. කුමාර – දුර පැනීම
ගුවන් කාන්තා එල්.ජී.ඒ. සත්සරණි – මීටර් 400 කඩුලු පැනීම.
ආධුනික ගුවන් භට එම්.ඒ.එන්.එච්.ප්‍රනාන්දු – මීටර් 4×400 සහය දිවීම.
ලෝකඩ පදක්කම් ලාභීන්
නායක ගුවන් කාන්තා ඒ.ජි.වී.වී. ලක්මාලි – කවපෙත්ත විසිකිරීම.
පුහුණු කරුවන්
ඩී. චාමලී අතුකෝරල දහනායක.
එම්.ඒ.ටී. ප්‍රසන්න.
ජේ.එම්.ඩී.එන්. හර්ජිනාස්.
ආර්.එම්.ඒ.පී. රත්නායක.
කේ.වී.ආර්.සී. ගුණරත්න.
කේ.ඒ රවී.



