දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය පාකිස්ථානයෙන් වාර්තා වෙයි

දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය පාකිස්ථානයෙන් වාර්තා වෙයි

ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමඟ දකුණු ආසියාවේ ඉහළම උද්ධමන අගය පාකිස්ථානයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව එරට උද්ධමන අගය දැක්වෙන්නේ 37.97%ක් ලෙසයි

ආහාර ද්‍රව්‍ය අතර අර්තාපල්, තිරිඟු පිටි, බිත්තර සහ සහල් පසුගිය වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී අධික ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ පෙළපොත්, ලිපි ද්‍රව්‍ය, ඉන්ධන වැනි ද්‍රව්‍යවල ද මිල අධික වී ඇති බවයි වාර්තා වන්නේ

එමෙන්ම විදේශ ණය ඉහළ යාම, මුදල් ඒකකය දුර්වල වීම සහ විදේශ විනිමය සංචිත අඩුවීම ඇතුළු සාධක රැසක් හේතුවෙන් මෙලෙස පාකිස්ථානයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව සඳහන්

මීට අමතරව ගෝලීය බලශක්ති අර්බුදයක් සහ පසුගිය 2022 දී පාකිස්ථානයේ ඇති වූ විශාල ගංවතුර ආපදා තත්ත්වය ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට බලපෑ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This