දකුණු ආසියාවේ දෙවැනි වැඩිම උද්ධමනය පාකිස්ථානයෙන්

දකුණු ආසියාවේ දෙවැනි වැඩිම උද්ධමනය පාකිස්ථානයෙන්

ශ්‍රී ලංකාවට පසුව දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය පාකිස්ථානයෙන් වාර්තා වන බව ලෝක බැංකුව පවසනවා.

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී පාකිස්ථානයේ උද්ධමනය 45.1% ක් ලෙස වාර්තා වී ඇති බවයි ලෝක බැංකුව පෙන්වාදෙන්නේ.

දකුණු ආසියාව තුළ පරිභෝජනය සඳහා පවතින ආහාර ද්‍රව්‍ය මෙම වසර ආරම්භයේ සිටම ඉතා වේගයෙන් අඩු වෙමින් පවතින අතර තිරිඟු පිටි 20% සිට 140% දක්වා වූ වාර්තාගත ලෙස මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

පසුගියදා පාකිස්ථානයට බලපෑ ගංවතුර තත්ත්වයත් සමග ආර්ථිකයට වූ අහිතකර බලපෑම්, පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යෙදවුම්වල හිඟතාවය හා ඒවායෙහි මිල ඉහළ යාම් එරට උද්ධමනය ඉහළ යාමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි ලෝක බැංකුව පෙන්වාදෙන්නේ.

Share This