
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය CITY OF DREAMS (VIDEO)
දිනෙන් දින දියුණු වෙන මෙරට සංචාරක කර්මාන්තයට නව එළියක් එක් කරමින් ඉදිකෙරුණු CITY OF DREAMS දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය ඊයේ(02) කොළඹ දී විවෘත වුණා.
මෙම සුඛෝපබෝගී හෝටල් සංකීර්ණය අති උත්කර්ශවත් අන්දමින් විවෘත කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්.
ඩොලර් බිලියන 1.2 ක ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුණු “සිටි ඔෆ් ඩ්‍රීම්ස්“ සුඛෝපබෝගී හෝටල් සංකීර්ණය මෙරට හෝටල් ක්ෂෙත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ ව්‍යාපෘතියක් ලෙසයි සැළකෙන්නේ.
දේශීය ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ විදෙස් නිර්මාණකරුවන් 500කට අධික පිරිසක් මෙම ව්‍යාපෘතියේ නිර්මාණ කටයුතු සඳහා දායකත්වය සපයා තිබීම විශේෂත්වයක්.
මෙම සුඛෝපබෝගී හෝටල් සංකීර්ණයේ නිවාඩු නිකේතනය ඊයේ පස්වරුවේ අති උත්කර්ශවත් අන්දමින් විවෘත කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දේශපලනඥයින් , ව්‍යාපාරිකයින් ඇතුළු තවත් අරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්.
මේ අවස්ථාව සදහා සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ද එක්ව සිටියා.