දකුණු ඉන්දීය චිත්‍රපට ත්‍රාසජනක රංගන ශිල්පියෙක් රූපගත කිරීමක් අතර ඛේදජනක ලෙස මිය යයි (VIDEO)

දකුණු ඉන්දීය චිත්‍රපට ත්‍රාසජනක රංගන ශිල්පියෙක් රූපගත කිරීමක් අතර ඛේදජනක ලෙස මිය යයි (VIDEO)

සුප්‍රසිද්ධ ත්‍රාසජනක ජවනිකා සදහා පෙනී සිටින ශිල්පියකු වන එස්.එම්. රාජු නමැත්තා ඊයේ දකුණු ඉන්දිය චිත්‍රපටයක මෝටර් රථ අනතුරක රූ ගත කිරීමක් අතර ජීවිතක්ෂයට පත්වීම එරට සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කම්පාවට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මෙවැනි ත්‍රාසජනක ක්‍රියාවල නිරත ශිල්පීන් ගේ ආරක්ෂාව පිළිබදව කථිකාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇත්තේ ඔහු එම දර්ශනයට මුහුණ දෙන ආකාරයේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාමත් සමගයි.

පා රංජිත් විසින් අධ්‍යක්ෂණය කරන දෙමළ තරුවක් වන ආර්යා රංගනයෙන් දායක වන චිත්‍රපටයක් වන වෙට්ටුවන් සඳහා අධි අවදානම් සහිත මෝටර් රථයක් පෙරලීමේ රූගත කිරීම් අතරතුරයි රාජු මේ බිහිසුණු මෝටර් රථ අනතුරට මුහුණ දී ඇත්තේ.

තමිල්නාඩුවේ සිදු වූ සිදු වූ මෙම රූපගත කිරීමට රාජු අධික වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන යන ආකාරයත්, එය දරුණු ලෙස පෙරළී ගොස් කුඩු වී යන ආකාරයත් සමාජ මාධ්‍ය තුල වෛරල් වෙමින් යන වීඩියෝවේ දැකගත හැකියි.

අනතුරුව කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් භීති‍යෙන් පෙර්ළුණු රථය වෙත දිවයන විටත් ඔහු මියගොස් සිටි බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

කණ්ඩායමේ සාමාජිකයින් කැබලි වූ රථයේ සුන්බුන් වෙත දිව ගොස් රාජු පිටතට ඇද ගන්නා ආකාරය ද දක්නට ලැබුණා.

වාහනය ගුවනේදී පෙරළී යාමෙන් මොහාන් රාජ්ගේ පපුවට බරපතල තුවාල සිදු වී තිබූ බවත් ඔහුව නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කළ නමුත් එහි යන විටත් මිය ගොස් සිටි බව මාධ්‍ය වාර්තා කළා.

 

Share This