දකුණු කොරියානු කාන්තාවක් කාම්බෝජයේ දී ඝාතනය කරලා

දකුණු කොරියානු කාන්තාවක් කාම්බෝජයේ දී ඝාතනය කරලා

දකුණු කොරියානු කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුවළකට එරෙදිව කාම්බෝජ අධිකරණයක් හමුවේ එරට බලධාරීන් විසින් නඩු පවරා තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර කාම්බෝජයේ අගනුවරට ආසන්නයේ තිබියදී ඉකුත්දා සොයා එන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැකකාර චීන ජාතික අඹුසැමි යුවළ පවසන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිය රූපලාවන්‍යාගාරයේ රඳවා තබා ගනිමින් අදාළ කාන්තාවට ප්‍රතිකාර කළ බවයි.

එහෙත් එහිදී ඇය මිය යාම හේතුවෙන් ඇගේ සිරුර නගරයේ ස්ථානයක අතහැර දමා ගිය බව ද සැකකාර යුවළ පවසා තිබෙනවා.

අදාල සැකකාර දෙදෙනාට එරෙහිව වධ හිංසා පමුණුවා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළව චෝදනා ගොනු කර ඇතැයි සඳහන්.

එම චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමකට නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This