දකුණු කොරියානු කාන්තාවක් සිය අලුත උපන් බිළිදුන්ට කළ අපරාධය

දකුණු කොරියානු කාන්තාවක් සිය අලුත උපන් බිළිදුන්ට කළ අපරාධය

තම අලුත උපන් බිළිඳුන් දෙදෙනා ඝාතනය කර වසර ගණනාවක් ශීතකරණයේ තබා ගෙන සිටි දකුණු කොරියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 30ක් පමණ වන එම කාන්තාව බිළිදුන් ඉපදි දිනකට පසු එම ඝාතන සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ එරට තුළ මැයි මාසයේදී රජයේ වැඩිහිටි හා පරීක්ෂණ මණ්ඩලය විසින් එම ළදරුවන්ගේ උපත් නිල වශයෙන් ලියාපදිංචි කර නොමැති බව සොයා ගැනීමත් සමඟයි.

මෙම සොයාගැනීමෙන් පසු පොලිසිය විසින් කාන්තාවගේ නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම කාන්තාව ඝාතන පිළිබඳව පාපොච්චාරණය කර තිබෙනවා

ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරමින් ඇය සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 12, 10 සහ 8 යන වයස්වල පසුවන අනෙක් දරුවන් තිදෙනා රැකබලා ගැනීමට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එලෙස සිදු කළ බවයි

මේ අනුව 2018 නොවැම්බර් මස උපත ලැබූ සිව්වන දරුවා ගෙල මිරිකා පළමුව ඝාතනය කර ඇති අතර අනතුරුව 2019 වසරේ නොවැම්බර් මාසයේ උපත ලැබූ පස්වැනි දරුවායි මෙලෙස ඝාතනය කර ඇත්තේ

Share This