
දකුණු කොරියානු ජනාධිපතිවරණය පවත්වන්න දින නියම වෙයි
දකුණු කොරියානු ජනාධිපතිවරණය එළඹෙන ජුනි මස 3 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා මෙලෙස දින නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.