දකුණු කොරියාවේ පැවති උත්සවයකදී තෙරපීමකින් මියගිය ගණන 154ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ පැවති උත්සවයකදී තෙරපීමකින් මියගිය ගණන 154ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ සෝල් අගනුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මිය ගිය අතර වැඩි වශයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට අගමැති හන් ඩක්-සූ ඛේදවාචකයට හේතුව පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් කරන බවට එරට ජනතාවට පොරොන්දු වී තිබෙන බවද සඳහන් වනවා

මියගිය අය අතර විදේශිකයින් 26 දෙනෙකු සිටින බව එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කොවිඩ් වසංගතයෙන් පසු පැවැත්වුණු පළමු එළිමහන් වෙස්මුහුණු රහිත හැලොවීන් උත්සවයද මෙය වන අතර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම උත්සවයේදී තෙරපීමෙන් මිය ගිය අතර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (30) නිවේදනය කළා

Share This