දකුණු කොරියාවේ පිහි ඇනුමක් – එක් අයෙකු මියගොස් 12කට තුවාල

දකුණු කොරියාවේ පිහි ඇනුමක් – එක් අයෙකු මියගොස් 12කට තුවාල

දකුණු කොරියාවේ Seongnam හි උමං දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ ස්ථානය වෙත පැමිණි පුද්ගලයෙකු විසින් එහි සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් පිහි ඇනුම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් පිහි ඇනුම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

අදාළ සැකකරු විසින් මෙය කුමන අරමුණකින් සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.

Share This