දකුණු කොරියාවේ බෙදීමේ දේශපාලනය අවසන් කරන බවට නව ජනපතිගෙන් ප්‍රතිඥාවක්

දකුණු කොරියාවේ බෙදීමේ දේශපාලනය අවසන් කරන බවට නව ජනපතිගෙන් ප්‍රතිඥාවක්

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ලී ජෙ–මින් සිය සමාරම්භක කතාවේදී ජනතාව එක්සත් කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා.

ආර්ථිකය පුනර්ජීවනය කිරීමෙන් සහ ජනතාව සුවපත් කිරීමෙන් සිය කටයුතු ආරම්භ කරන බවත්,මැතිවරණයේදී කාට සහය දුන්නත්, රටේ සියලු ජනතාවගේ ජනාධිපතිවරයා තමන් බවත්, ලී ජෙ– මින් පාර්ලිමෙන්තුවෙන් පිටතදී ජනතාව අමතමින් කියා සිටියා.

ජනතාව එක්සත් කිරීමට කටයුතු කරන අතර බෙදීමේ දේශපාලනය අවසන් කරන ජනාධිපතිවරයෙකු බවට පත් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික මැතිවරණ කොමිසම අද නිල වශයෙන් ලී ගේ ජයග්‍රහනය තහවුරු කල අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිධූරයේ හා ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ බලතල භාර ගත් බව සඳහන්.

අද පෙරවරු පාර්ලිමේන්තුවේදී කෙටි සමාරම්භක උත්සවයක් සැලසුම් කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

Share This