දකුණු කොරියාවේ වැසියන් කලබලයට පත්වූ හේතුව (VIDEO)

දකුණු කොරියාවේ වැසියන් කලබලයට පත්වූ හේතුව (VIDEO)

ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි පදිංචිකරුවන් කලබලයට පත්ව තිබෙනවා

ඔවුන් අවදිව ඇත්තේ ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් සහ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දැනුම් දෙන ලද ඉවත් කිරීමේ පණිවිඩයකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම අනතුරු ඇඟවීම ව්‍යාජ අනතුරු ඇඟවීමක් වූ බවත් , උතුරු කොරියාව විසින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීමට ගත් අසාර්ථක උත්සාහයක් හේතුවෙන් එය මුහුදට කඩා වැටීමෙන් පසුව සිදුවූවක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ජපානයේ දකුණේ ඔකිනාවා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ද මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This