දකුණු කොරියාවේ හමුදා ඉලක්ක වෙත උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

දකුණු කොරියාවේ හමුදා ඉලක්ක වෙත උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

දකුණු කොරියාවේ හමුදා ඉලක්ක වෙත කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව උතුරු කොරියාව පවසනවා

එරට රාජ්‍ය මාධ්‍ය පවසා තිබෙන්නේ එක්සත් ජනපදය කලාපයට උපාය මාර්ගික බෝම්බ හෙලන යානා යෙදවීමට එරෙහිව අනතුරු ඇඟවීමක් ලෙස මෙම මිසයිල යවමින් පරීක්ෂණ පැවැත්වූ බවයි.

මේ අතර  නැගෙනහිර වෙරළ තීරයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා

මෙම දියත් කිරීම් පැමිණ තිබෙන්නේ වොෂින්ටනයේ සහ සෝල්හි වාර්ෂික හමුදා අභ්‍යාස මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මිසයිල දෙකක් එල්ල කිරීම් සම්බන්ධයෙන් විවේචනය කළ අතර, එය ජපානයේ සාමයට සහ ස්ථාවරත්වයට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද තර්ජනයක් බවයි සඳහන් කරන්නේ

උතුරු කොරියාව මේ වසරේ වාර්තාගත අවි අත්හදා බැලීම් සංඛ්‍යාවක් සිදු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

දින 11 කාලයක් පුරා සිදුකෙරෙන දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්ව සිදු කෙරෙන හමුදා අභ්‍යාස අවසන් වීමට දිනකට පෙර මෙම සිදුවීම සිදුව තිබෙන බවද සඳහන්

 

Share This