දකුණු කොරියාවේ හෝටලයක ගින්නක්

දකුණු කොරියාවේ හෝටලයක ගින්නක්

දකුණු කොරියාවේ හෝටලයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මහල් 9කින් යුතු එම හෝටල් ගොඩනැගිල්ලේ 8 වන මහලේ ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 46ක් යොදවා ඇති අතර ගිනි නිවීමේ භටයින් 150 දෙනෙකු පමණ අනුයුක්ත කර තිබෙනවා.

ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ.

Share This