දකුණු ජෝර්දානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මරුට

දකුණු ජෝර්දානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මරුට

දකුණු ජෝර්දානයේ පොලිස් ප්‍රධානියෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයට සම්බන්ධ සැකකරු සිටි බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමකදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා

විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදී මාන් පළාතේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා මිට පෙර වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා

ඉහළ ගිය ඉන්ධන මිල සම්බන්ධයෙන් නගර කිහිපයක විරෝධතා පැන නැගුණා

පසුගිය සතියේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ජෝර්දාන වැසියන්ගේ ආර්ථික දුෂ්කරතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිය එරට II අබ්දුල්ලා රජු පිළිගෙන තිබෙනවා

නමුත් රාජ්‍යයට එරෙහිව ආයුධයක් ඔසවන ඕනෑම අයෙකුට දැඩිව ක්‍රියා කරන බවට රජු විසින් අවධාරණය කර ඇති අතර කර්නල් අබ්දුල් රසාක් දලබීගේ ඝාතකයා නීතිය හමුවට පමුණුවන තුරු ආරක්ෂක අංශ විවේක නොගන්නා බවටද පොරොන්දු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This