දකුණු තායිලන්තයේ බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් කිහිපයක් (PHOTOS)

දකුණු තායිලන්තයේ බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් කිහිපයක් (PHOTOS)

දකුණු තායිලන්තයේ ස්ථාන 17ක බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීමේ සිදුවීම් කිහිපයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙම පිපිරීම් සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුව තිබෙන අතර පළාත් තුනක වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හලක් ඉලක්ක කර තිබෙන බවයි පැවසෙන්නේ

ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This