තුර්කි ජනාධිපති ආපදාවට ලක්වූ ප්‍රදේශවල සංචාරයක -මරණ 9,000 ඉක්මවයි (UPDATE 03)

තුර්කි ජනාධිපති ආපදාවට ලක්වූ ප්‍රදේශවල සංචාරයක -මරණ 9,000 ඉක්මවයි (UPDATE 03)

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan, Kahramanmaras සහ Hatay පළාත්වල සංචාරය කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා

ඔහු භූමිකම්පාවේ හටගත් ප්‍රදේශයවන Pazarcik වෙත ද යනු ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ

දරුණුතම බලපෑමට ලක් වූ පළාත් 10 තුළ මාස තුනක හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

භූමිකම්පාවෙන් මියගිය මුළු සංඛ්‍යාව මේ වන විට 9,000 ඉක්මවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,957 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ආපදා ඒජන්සිය සඳහන් කර තිබෙන්නේ.

සිරියාවේ සංඛ්‍යාව සත්‍යාපනය කිරීම දුෂ්කර නමුත් එහි රාජ්‍ය මාධ්‍ය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ පුද්ගලයින් 2,500 ක් පමණ මියගොස් ඇති බවයි.

 

 

……………………………………………………………………………………………….

Feb 8, 2023 at 14:50

සිරියාවේ උතුරට ආධාර ලබා දීම ඉතා අපහසුයි -යුනිසෙෆ් (UPDATE 2)

 

සිරියාවේ උතුරු ප්‍රදේශයට ආධාර ලබා දීම මේ මොහොතේ ඉතා අපහසු බව යුනිසෙෆ්හි ජ්‍යෙෂ්ඨ හදිසි උපදේශක මෙලින්ඩා යන්ග් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විශේෂයෙන්ම ප්‍රධාන දේශසීමා පවතින හරස් මාර්ගයේ බොහෝ මාර්ගවලට හානි සිදුවී ඇති බැවින් තුර්කියේ සිට සිරියාවේ සේවය කරන සංවිධාන වෙත ආධාර සැපයුම් ලබා දීම වඩාත් අපහසු වී ඇති බවයි ඇය පවසා තිබෙන්නේ

ප්‍රදේශයේ ජල පද්ධති රැසකට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවත්, පද්ධති අලුත්වැඩියා කරන තුරු එය ට්‍රක් රථවලින් රැගෙන යාමට සිදුවන බවත් ඇය සඳහන් කරනවා

මෙම පද්ධති නැවත සකස්කිරීමට අවම වශයෙන් මාස හයක්වත් ගත විය හැකි බවද ඇය පවසනවා

 

…………………………………………………………………………………………..

Feb 8, 2023 at 09:43

තුර්කියේ සහ සිරියාවේ දැනට වාර්තාවන මරණ 8,700 ඉක්මවයි -තුර්කියේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට (UPDATE 01)

සඳුදා(06) ඇති වූ භූමිකම්පාවෙන් පසු තුර්කියේ සහ සිරියාවේ 8,700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ මියගිය සංඛ්‍යාව 6,234 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසා තිබෙනවා .

සිරියාවේ සංඛ්‍යාව තහවුරු කිරීම අපහසු නමුත් එහි රාජ්‍ය මාධ්‍ය පුද්ගලයන් 2,500 ක් පමණ මියගොස් ඇති බව තහවුරු කර සිටිනවා.

කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ කණ්ඩායම පවසන්නේ මියගිය සංඛ්‍යාව 1,280 කට වඩා ඉහළ ගොස් ඇති බවයි

ගැලවුම්කරුවන් තවත් පිරිස් සොයා ගැනීමත් සමග මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවා තිබෙන අතර මිලියන 23කට වැඩි ජනතාවක් ආපදාවෙන් පීඩාවට පත්ව තිබෙන බවද සඳහන් කරනවා.

මේ අතර තුර්කියේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව පුරා රටවල් රැසක් ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට උපකාර කිරීම සඳහා සහාය දක්වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

40,000 ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති බව තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා

……………………………………………………………………………………

Feb 8, 2023 at 09:43

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් 7,800කට වැඩි පිරිසක් මරුට

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් පසු දිවි ගලවා ගත් අය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

7,800කට වැඩි පිරිසක් මිය ගොස් ඇති නමුත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

සෙවුම් ප්‍රයත්නයන් දිගින් දිගටම පැවතුණත් දැඩි සීතල කාලගුණය සෙවීම් කටයුතුවලට බාධා ඇතිව තිබෙනවා

සඳුදා(06) අලුයම Gaziantep අසල පළමු 7.8 ක කම්පනය සිදු වූ අතර ඉන් පසුව පැය 7.5 ක කම්පනයක් ඇතිව තිබෙන අතර ඉන් තුර්කියට සහ සිරියාවට දැඩි හානි සිදුවුණා

තුර්කියේ පුද්ගලයින් 5,894 ක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 1,932 ක් සිරියාවේ මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් සිරියාවට ශෝකය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
.
“ඔබගේ නායකත්වය යටතේ සිරියානු රජය සහ ජනතාව හැකි ඉක්මනින් භූමිකම්පාවෙන් සිදුවූ හානිය ජයගෙන විපතට පත් ජනතාවගේ ජීවිත ස්ථාවර කරනු ඇති බව මට විශ්වාසයි,” යනුවෙන් උතුරු කොරියාවේ නායකයා සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් වෙත හඬ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

තුර්කියට හදිසි මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 5 ක් ලබා දෙන බවත්, එහි සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා කම්කරුවන් 110 ක් පිටත් කර හරින බවත් දකුණු කොරියාව සඳහන් කරනවා .

Share This