දකුණු නයිජීරියාවේ ගොඩනැගිල්ලක තිබී මළ සිරුරු 20ක් සොයා ගැනේ

දකුණු නයිජීරියාවේ ගොඩනැගිල්ලක තිබී මළ සිරුරු 20ක් සොයා ගැනේ

දකුණු නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයේ බෙනින් නගරය ආසන්නයේ තිබී මළ සිරුරු 20ක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට පොලිසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වනවා

මෙම මළසිරුරු හමුවී ඇත්තේ දේවාලයක් සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ගොඩනැගිල්ලක තිබී බවයි පැවසෙන්නේ

පොලිස් ප්‍රකාශකයෙකු වන Chidi Nwabuzor බී බී සී පුවත් සේවයට පවසා තිබෙන්නේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු තිබූ බවයි.

Share This