
දකුණු මුහුදේ දී අත්අඩංගුවට පත් යාත්‍රාවේ හිමිකරු ඇතුළු පිරිසගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට පත්වූ යාත්‍රාවේ සිටි ගාල්ල ප්‍රද්ශයේ පදිංචි ධීවරයින් 06 දෙනාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
අදාළ සැකකරුවන් හොරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා (01) කටයුතු කළා.
ඒ අනුව අදාළ යාත්‍රාවේ භාරකරු බව පැවසෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු කළ අතර ඔහුගෙන් ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
