දකුණු මොසැම්බික් අගනුවර ඇතිවූ ගංවතුරෙන් 10ක් මරුට

දකුණු මොසැම්බික් අගනුවර ඇතිවූ ගංවතුරෙන් 10ක් මරුට

පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණු මොසැම්බික් අගනුවරවන Maputoහි අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රජය සඳහන් කරනවා.

43,426 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනයේ සභාපති Luisa Meque පවසනවා

ගංවතුර පවතින ප්‍රදේශවල සිටින ජනතාවට රජයේ ඉවත් කිරීමේ නියෝගවලට අනුකූල වන ලෙස Maputo පළාතේ ආණ්ඩුකාර Julio Parruque දැනුම් දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එසේ නොමැතිනම් බලහත්කාරයෙන් හෝ ඉවත්කරන බවද දැනුම් දී තිබෙනවා

Share This