දකුණු සුඩාන නායකයා රුසියාවට

දකුණු සුඩාන නායකයා රුසියාවට

දකුණු සුඩාන ජනාධිපති Salva Kiir රුසියානු ජනාධිපති Vladimir Putin සමග සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Salva Kiir ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේ රුසියානු අගනුවරට පැමිණිමෙන් පසු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko Yurevich විසින් පිළිගනු ලැබූ බවයි සඳහන් වන්නේ

අද (28) දිනයේ රුසියානු ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවන් මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි දකුණු සුඩාන ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසනවා .

මෙම සංචාරයේ අරමුණ වන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම සහ වෙළඳාමත් එමෙන්ම ආයෝජන අවස්ථා සහ ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාවයේ අනෙකුත් ක්ෂේත්‍ර ගවේෂණය කිරීම බවත් සඳහන්

දකුණු සුඩානයේ පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති ආයුධ සම්බාධක ඉවත් කිරීම සහ ඉලක්කගත සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මැයි මාසයේදී දකුණු සුඩානයට පනවා ඇති සම්බාධක අලුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී ද රුසියාව වැළකී සිටි බවද වාර්තා වනවා

Share This