දකුණේ වෙඩි තැබීමක්
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
කරවල ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
කළු සහ රතු පැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදීයි වෙඩිප්‍රහාරය එල්ල කර ඇත්තේ.
එල්ල කරන ලද වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී ඇති අතර වෙඩි උණ්ඩයේ හිස් කොපුවද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගන්දර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.