“දන්නා ඉතිහාසයේ නොදන්නා කතාව”…  එන්න, අද රාත්‍රී 9.30ට ඉතිහාසගත ප්‍රේමයක සිනමාගත සාක්ෂිකරුවන් වන්නට

“දන්නා ඉතිහාසයේ නොදන්නා කතාව”… එන්න, අද රාත්‍රී 9.30ට ඉතිහාසගත ප්‍රේමයක සිනමාගත සාක්ෂිකරුවන් වන්නට

ලාංකේය සිනමා වංශය අභිමානවත් කළ සිනමා පටයක් පිලිබඳව මේ දිනවල රටපුරා දැවැන්ත සිනමා සංවාදයක් මතුව තිබෙනවා.

එහෙම බලන කල “දේවී කුසුමාසන” කියන්නෙ අපේ රටේ සිනමා ගමන්මගේ හැරවුමක්.

මේ තමයි එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ බිහිවූ දැවැන්තම සිනමා නිර්මාණය.

දන්නා ඉතිහාසයේ නොදන්නා කතා කොච්චරනම් තියෙනවාද? එහෙම කතාවක් නැරඹූකල , ඒ ගැන අලුත් දේ හොයන එක වගේම නව මතවාද ඇතිවීම සාමාන්‍යක්.

ඇත්තටම, සෙංකඩගලපුර රාජධානිය අභිමානවත් සහ ආදරණීය කළ පළමු විමලධර්මසූරිය රජතුමන්ගේ සහ කුසුමාසන දේවියගේ කතා පුවත සමගින් දේවි කුසුමාසන චිත්‍රපටිය සිංහල සිනමාවට සම්ප්‍රාප්ත වුණේ ලයිකා ප්‍රඩක්ෂන් නිමැයුමක් ලෙසින්.

ලයිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයෙන් මෙහි නිෂ්පාදන මෙහෙයුම සිදු කළේ ජානකී විජේරත්න.

ඔන්න කාලෙකට පස්සෙ අපේ සිනමාව වෙනස් කල, “දන්නා ඉතිහාසයේ නොදන්නා කතාව” ගැන අපූරු කථාබහකට එක්වෙන්න අද ජූනි 07 රාත්‍රී 9.30ට “ස්වර්ණවාහිනිය” තුළින් ඔබට අවස්ථාව හිමිවෙනවා…

මඟ නොහැර එන්න රාත්‍රී 9.30ට “ස්වර්ණවාහිනිය” සමඟින් “ඉතිහාසගත ප්‍රේමයක සිනමාගත සාක්ෂිකරුවන් වන්නට….

 

Share This