දඹුල්ලේ පාසලක විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිව ගා බැලූ දරුවන් 7ක් රෝහලට

දඹුල්ලේ පාසලක විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිව ගා බැලූ දරුවන් 7ක් රෝහලට

විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල, රත්මල්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු අද(07) දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ දඹුල්ල රත්මල්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් පස්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු මෙසේ රෝහල්ගත කර ඇති බවයි.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්.කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබී ඇති බවයි.

ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව ගා බලා තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවයි.

මේ වන විට දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

 

 

Share This