දඹුල්ල – ඉනාමළුව රජයේ රක්ෂිතයේ ඇතකුගේ සහ අලින් 05 කගේ මළ සිරුරු ඇති බවට තොරතුරු

දඹුල්ල – ඉනාමළුව රජයේ රක්ෂිතයේ ඇතකුගේ සහ අලින් 05 කගේ මළ සිරුරු ඇති බවට තොරතුරු

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව වාර්තා වනවා.

ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මළ සිරුරු ඇති ස්ථාන වෙත ගමන් කළ හැකි නමුත් ඉතිරි තිදෙනාගේ මළ සිරුරු ඇති ස්ථානවලට ගමන් කිරීමට අසීරු වී ඇත්තේ බඳින තුවක්කු තිබීම නිසයි.

ඇතාගේ දළ යුගල ගලවාගෙන ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් ගේ අවදානයට ලක් නොවන බවයි.

 

 

Share This