දරුණු සටන්වලින් බේරීමට දස දහස් ගණන් පලස්තීනුවන් රෆා වෙතට

දරුණු සටන්වලින් බේරීමට දස දහස් ගණන් පලස්තීනුවන් රෆා වෙතට

ගාසා තීරයේ දකුණේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම සඳහා දස දහස් ගණන් පලස්තීනුවන් රෆා මාර්ගය වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර ගාසා තීරයේ BBC පුවත් වාර්තාකරු පවසා තිබෙන්නේ නගරයට ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හිඟයක් පවතින බවයි

එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන යන පාසල් කඳවුරු වෙත දහස් ගණනක ජනතාවක් යාමට උත්සාහ කළ නමුත් ඔවුන්ට ඉඩක් නොමැති නිසා ගොඩනැගිලි ඉදිරිපිට නිදා ගැනීමට සිදුව ඇති බවද සඳහන්

ඊශ්‍රායල හමුදාව දැන් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට පලා යන ලෙස දන්වා තිබූ නගරයක් වන ඛාන් යුනිස් වෙත පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් සංවිධානය ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1,200ක් ඝාතනය කර 240ක් ප්‍රාණ ඇපයට ගත් අතර, ඔවුන්ගෙන් සමහරක් කෙටි කාලීන සටන් විරාමයක් අතරතුර දී නිදහස් කරනු ලැබුවා

එමෙන්ම ගාසා තීරයේ හමාස් නිලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 7,000 ක් පමණ ඇතුළුව පුද්ගලයින් 17,177 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බවයි.

Share This