දරුවන් හැදීම දිරි ගන්වන්න සල්ලි දෙන රටක්

දරුවන් හැදීම දිරි ගන්වන්න සල්ලි දෙන රටක්

උපත් අනුපාතය පහළ යාම හේතුවෙන් ඉන් ඇතිවන බලපෑම අවම කිරීම සදහා දරුවන් සිටින පවුල් වෙනුවෙන් ළමා සුරැකුම් දීමනාවක් ලබා දීමට චීනයේ ප්‍රදේශ කිහිපයක විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම වැඩසටහන යටතේ දරුවන් දෙදෙනෙකු සිටින පවුලක් සදහා එක් දරුවෙකුට යුවාන් 500 බැගින් දරුවන් දෙදෙනාටම මාසිකව හිමිවනු ඇති.

දරුවන් තිදෙනෙකු සිටින පවුලකට එක් දරුවෙකුට යුවාන් 1,000 බැගින් මාසිකව ලබාදීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම වරප්‍රසාදය හිමිවන්නේ වයස අවුරුදු 3 න් පහළ දරුවන් සඳහා පමණි.

විවාහක පවුල් දරු උපත් සදහා දිරිගැන්වීමක් ලෙස මෙම ළමා සුරැකුම් දීමනාව වැඩසටහන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ දරු උපත් පහළ යාම හමුවේ චීනය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි.

ඉකුත් වසරේ දී චීනයේ විවාහ ලියාපදිංචිය ද වාර්තා ගත ලෙස පහළ ගිය අතර එය දරු උපත් පහළ යාමට ද හේතු වී තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනය ඉහළ යාමෙන් චීනය තවත් අර්බුදයක් අභියස සිටින බව ද විදෙස් මාධ්‍යවල සඳහන්

Share This