
හදවතක් නැති තුම්පනේ ප්‍රාදේශීය සභා භූමියේ අමානුෂික රිලව් ඝාතනය (VIDEO)
තුම්පනේ ප්‍රාදේශීය සභාව සතු කසල අංගනයක රහසිගතව සිරකර නිරාහාරව ඉතාම ම්ලේච්ඡ ආකාරයෙන් මියයෑමට අත්හැර දමා ඇති රිලා රංචු පිළිබඳ කණගාටු දායක පුවතක් වාර්තා වනවා.
මේ වනවිටත් ඇතැම් රිලවුන් එම කුඩු තුල මියගොස් සිටි ආකාරය කිසියම් පුද්ගලයකු වීඩියෝ ගත කර තිබුණා.
මෙම කූඩු කර සිටින රිලවුන් අතර කිරි බොන පැටවුන් ද සිටින අතර රිලවුන් සිය ගණනක් මෙම අමානුෂික වධයට ලක් කර ඇතැයි අප වාර්තාකරු පවසනවා.
මියගිය ඔවුන්ගේම උන් මත රැඳෙමින්,පුංචි කිරි දරුවන්, කිරි මවුවරුන් නඟන මරණයේ කෙඳිරිළි හඬ වේදනාත්මක බව එහි දර්ශන තුලින් දැක ගත හැකියි.
කවුරුන්ගේ අනු දැනුම මත අමානුෂික ක්‍රියාව සිදුකර ඇතිද යන්න පැහැදිළි වන්නේ නැහැ.

