දස ලක්ෂයේ නිවාස ලාභීන් 04 කට නිවාස හිමිකම ලැබේ

දස ලක්ෂයේ නිවාස ලාභීන් 04 කට නිවාස හිමිකම ලැබේ

රුපියල් දස ලක්ෂයේ නිවාස ආධාර යටතේ ඉදිකළ නිවාස හතරක් ප්‍රතිලාභීන්ට ප්‍රධානය කිරීම

බියගම මැතිවරණ කොට්ඨාශයේ රුපියල් දස ලක්ෂයේ නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකළ නිවාස හතරක් අද (05) ජනතා අයිතියට පැවරුවා.

ඒ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන්.

යබරළුව ග්‍රාමසේවා සේවා නිලධාරී කොට්ඨාශයේ කේ.ඒ සුජිත් ප්‍රියංකර මහතා එක් ප්‍රතිලාභියෙක්.

දරු තිදෙනකුගේ පියකු වන ඔහුගේ රැකියාව කුලී වැඩ කිරීමයි.

යබරළුව උතුර ග්‍රාම සේවා නිලදාරී කොට්ඨාශයේ සතිස් මහතාට ද නිවාස ප්‍රතිලාභ හිමි වූණා.

ඔහුටද පාසල් යන දියණියන් තිදෙනෙකු සිටිනවා.

පට්ටිවිල දකුණු ග්‍රාම නිලධාරී වසමේ සුසන්ත කුමාර මහතා හා මාකවල උතුර රොෂාන් සමීර මහතාට ද රුපියල් දස ලක්ෂයේ ආධාර මගින් ඉදිකළ නිවාස අයිතිය හිමි කෙරුණා.

මෙම නිවාස ඉදිකිරීම් අධීක්ෂණය කළේ ජාතික නිවාස අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින්.

එහි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි එක්ව සිටියා.

මෙම නිවාස සංකල්පයේදී නිවාස ප්‍රතිලාභීන්ගේ අසල්වැසි ජනතාවගේ සහයෝගය සහ ශ්‍රම දායකත්වයද ඊට ලැබීම කැපී පෙනෙන කරුණක්.

බියගම ආසනයේ නිවාස විසි හතක් සඳහා මුදල් ආධාර ලබා දී නිවාස ඉදිකිරීම සිදුවන අතර එම නිවාස දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභීන්ට ප්‍රදානය කිරීමට ජාතික නිවාස අධිකාරිය කටයුතු සිදු කරගෙන යනු ලබනවා.

Share This