දළදා දැක්මට පැමිණෙන රථ වාහන හඳුනාගැනීමට ස්ටිකරයක්

දළදා දැක්මට පැමිණෙන රථ වාහන හඳුනාගැනීමට ස්ටිකරයක්

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සිරි දළදා දැක්ම සඳහා විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි පොලීසිය අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කර ගැනීමට හැකිවන පරිදී ඉඩ ප්‍රස්තාව සැලසීම මෙන්ම පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුනාවා දීමට පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This