දළදා මාළිගාවේ මංගල ඡායාරූප ගත් යුවළක් පිළිබඳ පොලිස් පරීක්ෂණ

දළදා මාළිගාවේ මංගල ඡායාරූප ගත් යුවළක් පිළිබඳ පොලිස් පරීක්ෂණ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව තුළ යුවලක් සිය මංගල ඡායාරූප ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයකම මෙම යුවල සිය මංගල ඡායාරූප ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළද කතාබහක් ඇතිවී තිබෙන බව සඳහන්.

මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මාළිගාව පරිශ්‍රය තුළ මේ ආකාරයේ සිදුවීමක් වී තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් තමා විසින් පොලීසියට දැනුම්දීමක් සිදුකළ බවයි.

ඒ අනුව අදාළ යුවල සහ ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියා මහනුවරට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කර තිබෙනවා.

Share This