ද්විත්ව ඔස්කාර් සම්මානලාභී Glenda Jackson මිය යයි

ද්විත්ව ඔස්කාර් සම්මානලාභී Glenda Jackson මිය යයි

ද්විත්ව ඔස්කාර් සම්මානලාභීනියක වන Glenda Jackson මියගොස් තිබෙනවා.

ලන්ඩනයේ පිහිටි සිය නිවසේ දී ඇය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රංගන ශිල්පිනියක වූ ඇය 1970 දී “Women in Love” සහ 1973 දී “A Touch of Class” වෙනුවෙන් ඔස්කාර් සම්මාන ලබා ලබා තිබුණා.

අනතුරුව දේශපාලනයට පිවිසි Glenda Jackson 1992 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළා.

එමෙන්ම 1997 වසරේ දී එරට හිටපු අග්‍රාමාත්‍ය Tony Blair ගේ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කර ඇති ඇය නීති සම්පාදකවරියක් ද වනවා.

මිය යන විට Glenda Jackson 87 වන වියේ පසු වුණා.

ඇය පසුගියදා රූපගත කිරීම් අවසන් කළ The Great Escaper චිත්‍රපටය සඳහා ද සිය දායකත්වය දක්වනු ලැබුවා.

Share This