දැන්වීම් පුවරුවක් කඩා වැටී ඉන්දියාවේ 14 දෙනෙකු මරුට

දැන්වීම් පුවරුවක් කඩා වැටී ඉන්දියාවේ 14 දෙනෙකු මරුට

ඉන්දියාවේ මුම්බායි හිදී දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

මුම්බායි හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අඩි 100ක් පමණ දිගින් යුත් දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තවත් 70 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම දැන්වීම් පුවරුව ආසන්නයේ තිබූ තවත් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර එය නීත්‍යානුකූල අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මුම්බායි බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This