දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සොහොයුරා අත්අඩංගුවට
වයස අවුරුදු 16ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලිංගික අපයෝජනය කළ දැරියගේ වැඩිමහල් සහෝදරයා වන අතර දැරියගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක්ද පොලිසිය විසින් සටහන් කරගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23ක් වයසැති රෝහලවත්ත, හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවකු බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැඩිදුර විමර්ශන හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් සිදුකිරීමට නියමිතයි.