දැරිය ඝාතනය කර වැසිකිළි වලට දැමූ සුලු පියා
ගම්පහ අකරවිට ප්‍රදේශයේ දැරියක්, ඇයගේ මවගේ දෙවන සැමියා විසින් ඝාතනය කොට වැසිකිළි වලට දමා සඟවා තිබෙනවා.
වයස අවුරුදු 14ක් වයසැති තම දියණිය දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
එහිදී කාන්තාව විසින් පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තම දෙවන සැමියා සැකකරන බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළි වලට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව සඳහන්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය විවැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.