දින දෙකක් තුළ ලිට්‍රෝ ගෑස් 170,000ක් වෙළඳපොළට (වීඩියෝ)

දින දෙකක් තුළ ලිට්‍රෝ ගෑස් 170,000ක් වෙළඳපොළට (වීඩියෝ)

පසුගිය දෙදින තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ හැත්තෑ දහසක් වෙළඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන් කරනවා.

පසුගිය දින 03 ඇතුළත මුදල් ගෙවා නිදහස් කරගත් නෞකා දෙකේ ගෑස් තොග ද අවසන්ව ඇති අතර මේ වන විට මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාවේ ගෑස් තොග නිදහස් කර නො ගන්නේ නම් තවදුරටත් ගෑස් අර්බුදය උග්‍ර වී ඇති බවයි ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර ලාෆ් සමාගම විසින් නිකුත්කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම එම සමාගම විසින් නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල ඉහළ දමා ඇති බවයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ.

මේ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාවට ගෘහස්ත ගෑස් ලබා ගැනීමේ අරමුණින් බෙදා හැරීමේ ස්ථානවල දිවා රාත්‍රි දෙකෙහිම රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This