දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දැමූ බංග්ලාදේශය

දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දැමූ බංග්ලාදේශය

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීමට එරට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එරට පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුරදී සරසවි සිසුන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රජය විසින් ලබාදෙනු ලබන රැකියා කෝටාවට එරෙහිව විරෝධය පළ කරමින් බංග්ලාදේශයේ නගර රැසක විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තා.

ගැටුම් හේතුවෙන් විශාල පිරිසකට තුවාලද සිදුවූ අතර එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ.

Share This